Latest News

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් ලොව පුරා රටවල් රැසක ශෝක කාලයක් ප්‍රකාශයට

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් ලොව පුරා රටවල් රැසක් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ආර්ජන්ටිනාවේ දින හතක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලතින් අමෙරිකාවෙන් පැමිණි පළමු පාප් වහන්සේ ලෙසද සැලකෙන්නේ.

එමෙන්ම බ්‍රසීලය සතියක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර ඇති අතර ඔස්ට්‍රියාවේ එරට දේශීය වේලාවෙන් පස්වරු 5.00ට රට පුරා දේවස්ථානවල සීනු නාද කර ඇති අතර එම දේවස්ථාන සියල්ලගේම කළු කොඩි ද ඔසවා තිබෙනවා.

තවද ස්පාඥඤයේ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ප්‍රංශයේ පැරිසියේ නොට්‍රේ ඩෙම් ආසන දෙව් මැදුරේ සීනු අද දින 88 වතාවක් නාද වී තිබෙන බවයි සඳහන් වන්නේ.

මේ අතර ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරනු ලබන ගෞරවයක් වශයෙන් ලොව ප්‍රසිද්ධ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය නිවා දැමීමට තීරණය කර තිබෙනවා.

පැරිස් නගරාධිපතිනි ඈන් හිඩැල්ගෝ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ පාප් වහන්සේගේ මතකයට ගෞරව කිරීමක් වශයෙන් අයිෆල් කුළුණ නිවා දැමීමට තීරණය කළ බවයි.

World News

Send your contact Details Today