Latest News

වතිකානුවට වැඩබලන ප්‍රධානියෙක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන් ස්වර්ගස්ථ වීමෙන් පසු ඇමරිකාවේ කෙවින් ෆැරල් කාදිනල් හිමිපාණන් වතිකානුවේ වැඩබලන ප්‍රධානියා ලෙස පත් කර තිබෙනවා.

අයර්ලන්තයේ උපත ලැබූ 77 හැවිරිදි ෆැරල්, ඩලස් රදගුරු පදවියේ බිෂොප්වරයා සහ වොෂින්ටන් ඩීසී අගරදගුරු පදවියේ සහායක බිෂොප්වරයා ලෙස උන්වහන්සේ සේවය කර ඇති බව වතිකානුව සදහන් කර තිබෙනවා.

උන්වහන්සේ 1978 දෙසැම්බර් 24 වන දින පූජකවරයෙකු ලෙස පැවිදි වූ අතර මෙක්සිකෝවේ මොන්ටෙරේ විශ්ව විද්‍යාලයේ දේවගැතිවරයෙකු ලෙස සේවය කරමින් සිය ජීවිතය ආරම්භ කළා.

උන්වහන්සේ වතිකානු චරිතාපදානයට අනුව, 1984 දී වොෂින්ටන් අගරදගුරු පදවියට බැඳීමට එක්සත් ජනපදයට ගියා.

එමෙන්ම, ෆැරල් ස්පාඤ්ඤ කතෝලික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, කතෝලික පුණ්‍යායතන සංවිධානවල වැඩබලන විධායක අධ්‍යක්ෂ සහ මූල්‍ය කටයුතු පිළිබඳ ලේකම් ඇතුළු ප්‍රදේශයේ පල්ලි කිහිපයක තනතුරු මාලාවක් දැරුවා.

2001 දී දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ විසින් ෆැරල් වොෂින්ටනයේ සහායක බිෂොප්වරයෙකු ලෙස පත් කළා.

උන්වහන්සේ 2007 දී ඩලස් හි බිෂොප්වරයා ලෙස පත් කරන තෙක් කියුරියා හි මධ්‍යස්ථකරු සහ ප්‍රධාන විකාර් ජෙනරාල් ලෙස ද සේවය කළා.

World News

Send your contact Details Today