Latest News

හිටපු ජනපතිවරයෙකුගේ වත්කම් රාජසන්තක කිරීමට තීරණයක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හිටපු ජනාධිපති ජෝසප් කබිලාගේ දේශපාලන පක්ෂය අත්හිටුවීමට සහ ඔහුගේ වත්කම් රාජසන්තක කිරීමට කොංගෝ ජනරජය රජය නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වයස අවුරුදු 53 වන ඔහුට එරෙහිව ඇතිවූ විශාල විරෝධතාවලින් පසුව ඔහු ධුරයෙන් ඉවත් කළා.

මේ අතර, කොංගෝ ජනරජයේ ක්‍රියාත්මක වන එම්.23 නම් සන්නද්ධ කල්ලියට සහයෝගය ලබාදුන් බවට චෝදනා එල්ල වීම හේතුවෙන් ඔහුගේ පක්ෂය අත්හිටුවා ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඒ සමගම, රාජ්‍යද්‍රෝහී ක්‍රියාවල නිරත වීම හේතුවෙන් ඔහුගේ දේපළ පැහැරගැනීමට නියමිත බවයි එරට අධිකරණ අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ.

කෙසේ වුවද, මෙය ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බව හිටපු ජනාධිපති ජෝසෆ් කබිලා පවසා තිබෙනවා.

World News

Send your contact Details Today