Latest News

ජෝන් සීනාගෙන් වාර්තාවක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝකප්‍රසිද්ධ මල්ලවපොර තරගකරුවෙක් වෙන ජෝන් සීනා අද (21) පැවැති WWE Wrestlmania 41 තරගාවලියේදී වත්මන් WWE ලෝක ශූරයා වූ කොඩී රෝඩ්ස් පරාජයට පත්කරමින් 17 වන වරටත් ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්වූවා.

WWE ආයතනයේ ලෝක ශූරතාවය වැඩිම වාරගනනක් දිනාගැනීමේ වාර්තාව තමන්සතු කර ගැනීමට එමගින් ඔහුට හැකි වුණා.

මීට පෙර 16 වතාවක් ලෝක ශූරයා වෙමින් රික් ෆ්ලෙයර් සමග ඔහු සමතැන් ගෙන සිටියා.

මෙම ජයග්‍රහණය විශේෂයෙන් වැදගත් වන්නේ එය සීනාගේ සමුගැනීමේ චාරිකාව අතරතුර වන අතර, ඔහු වෘත්තීය මල්ලවපොර ක්‍රීඩාවෙන් මේ වසරේ දෙසැම්බර් මාසයේදී විශ්‍රාම ගැනීමට නියමිතයි.

World News

Send your contact Details Today