Latest News

ග්‍රීසියේ සැන්ටෝරිනි දූපතේ අනතුරුදායක තත්ත්වයක් ගැන අනාවරණයක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝක ප්‍රසිද්ධ සංචාරක පුරවරයක් වූ ග්‍රීසියේ සැන්ටෝරිනි දූපතේ භූ කම්පන සහ පිපිරීම් ඇති වීමේ දැඩි අවදානමක් ඇති බවට විද්‍යාඥයින් ඉඟි පල කරනවා.

පසුගිය පෙබරවාරි මාසයේ ද ග්‍රීසීයේ සැන්ටෝරිනි දූපත ආසන්නයේ භූ කම්පන 300කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වීම හේතුවෙන් ජනතාව එම දූපතෙන් ඉවත්වීමට කටයුතු කර තිබුණා.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන පරිදි එම දුපතේ පදිංචිව සිටි 11,000ක් පමණ ජනතාව ආරක්ෂාව වෙනුවෙන් එම දුපත අතහැර වෙනත් ප්‍රදේශවලට ගොස් ඇති බව සඳහන්.

මේ අතර ඊළඟ පිපිරීම කෙතරම් භයානක වේවිද සහ එහි විශාලත්වය සම්බන්ධයෙන් විද්‍යාඥයින් පළමුවරට විමර්ශනය කරමින් සිටිනවා.

ක්‍රිස්තු පූර්ව 1600 දී සිදු වූ දැවැන්ත පිපිරීමක් හේතුවෙන් සැන්ටොරිනි නම් මෙම දුපත නිර්මාරණ ඇති අතර එහි විශාල ආවාටයක් සහ අශ්ව ලාඩමක් වැනි හැඩැති දාරයක් ඉතිරිව ඇති බව දක්නට ලැබෙනවා.

සැන්ටොරිනි හි දැවැන්ත කඳු මුදුන්වල මුදුනේ පිහිටා ඇති ලෝක ප්‍රසිද්ධ හොටල් පරිශ්‍රය කාගෙත් සිහින නවාතැනක් බව කිව හැකියි.

දින කිහිපයකට හෝ එම පරිසරයේ සුන්දරත්වය විදීමට සංචාරකයින් සිහින දකිමින් සිටිනවා.

නමුත් මෙම පිපිරිම් සහ ඉදිරියේදී ඇති විය හැකි අවධානම් තත්ත්වයත් සමඟ සංචාරක කර්මාන්තයට ද දැඩි බලපැම් ඇති වී ඇති බවයි වාර්තා වන්නේ.

ඇතැම් සංචාරකයින් සිය වෙන්කරවා ගැනීම් අවලංගු කර ඇති බව සඳහන්.

BBC පුවත් සේවය සහ බ්‍රිතාන්‍ය රාජකීය පර්යේෂණ නෞකාවක් මෙම තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් එම පරීක්ෂණ කණ්ඩායම් පවසන්නේ මුහුදු පත්ලේ ඇති ගිනි කඳු පිපිරීම් සම්බන්ධයෙන් නිෂ්චිත තොරතුරක් කිව නොහැකි නමුත් මුහුදු පත්ලේ සිදුවන ගිනි කඳු පිපිරිම් ඉතා භායානය විය හැකි බවයි.

World News

Send your contact Details Today