Latest News

ඉන්දීය අභ්‍යවකාශ ගවේෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සූදානමක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දීය අභ්‍යවකාශ ගවේෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ගෲප් කපිතාන් ශුභාන්ෂු ශුක්ලා ලබන මාසයේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) වෙත පියාසර කිරීමට නියමිතයි.

මධ්‍යම රජයේ අභ්‍යවකාශ හා තාක්ෂණ පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජිතේන්ද්‍ර සිං මේ බව නිවේදනය කළා.

පසුගිය මාස අට තුළ නාසා ආයතනය සහ පුද්ගලික අභ්‍යවකාශ සමාගමක් වන Axiom Space සමඟ පුහුණුවීම්වල නිරතව සිටින ශුක්ලා, ISS වෙත පියාසර කරන්නේ පුද්ගලික වාණිජ මෙහෙයුමක් සඳහා යි.

ගෲප් කපිතාන්වරයාගේ වයස අවුරුදු 40 ක් වන අතර ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) මෙම මෙහෙයුම සඳහා තම ගගනගාමීන්ගෙන් ළාබාලතමයා තෝරාගෙන ඇත්තේ ඔහුට දිගු වෘත්තීය අනාගතයක් පිළිබඳ ඉඟි කරමින්.

අමාත්‍ය සිං පැවසුවේ මෙම මෙහෙයුම ඉන්දියානු ගගනගාමියෙකු විසින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට කරන ලද ප්‍රථම සංචාරය සනිටුහන් කරන බවයි.

රාකේෂ් ෂර්මා 1984 සෝවියට් සෝයුස් අභ්‍යවකාශ යානයක පියාසර කිරීමෙන් දශක හතරකට වැඩි කාලයකට පසු අභ්‍යවකාශයට යන පළමු ඉන්දීය ගගනගාමියා ලෙස ගෲප් කපිතාන් ශුක්ලා ඉතිහාසයට එක්වනු ඇති.

World News

Send your contact Details Today