Latest News

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වසර 6යි

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට (21) වසර හයක් ගත වනවා.

2019 වසරේ අප්‍රේල් 21ක් වනදා දේවස්ථාන තුනකට හා කොළඹ සුඛෝපභෝගී හෝටල් 3ක් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල වුණා.

විදේශකයන් 45 දෙනෙකු , පොලිස් නිලධාරීන් 3න් දෙනෙකු ඇතුළු 277 දෙනෙකු මෙම ප්‍රහාරවලින් ජිවිතක්ෂයට පත්වුණා.

එමෙන්ම 500කට අධික පිරිසක් තුවාල ලැබුවා.

එලෙස ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය පිරිස සිහිපත් කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වනවා.

එහි ප්‍රධාන සැමරුම් උත්සවය කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේදී අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්ෂක, ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කළා.

එමෙන්ම අද (21) උදෑසන 8.45 ට සියලු ආගමික ස්ථානවල සීනු නාදකිරීම සහ මිනිත්තු 2ක නිශ්ශබ්දතාවය රැකීම සිදුකෙරුණා.

කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා පැවැත්වීමට නියමිත පාගමන සහ විශේෂ දේවමෙහෙය වෙනුවෙන් අද (21) දිනයේ දී විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ අනුව අද (21) උදෑසන 7:00 සිට 11.45 දක්වා වරින් වර වෙරළබඩ පොලිස් වසමේ මාර්ග කිහිපයක් තාවකාලිකව වසා තැබෙනවා.

මෝදර දෙස සිට පිටකොටුව දෙසට ගමන් කරන රථවාහන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිටින් ගමන් කෙරෙන මාර්ගය වසා තැබෙනවා.

ඒ අනුව හෙට්ටියාවත්ත හංදියෙන් වමට හරවා ආමර් බාබර් හංදියෙන් මරදාන දෙසට ගමන් කර ටෙක්නිකල් හංදිය ඔස්සේ වමට හරවා පිටකොටුව දෙසට ගමන් කළ හැකියි.

World News

Send your contact Details Today