Latest News

ඇෆ්ගන් සරණගාතයින්ට පාකිස්තානයේ ක්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තාන රජය විසින් එ‍රට නීත්‍යනුකූල ව රැඳී සිටි ඇෆ්ගන් සරණාගතයින් ව වහාම ක්‍රියාත්මක වන පරිදි පිටුවහල් කිරීම සහ ඔවුන් සතු දේපොළ කොල්ලකෑම මේ වනවිට ජාත්‍යන්තරයේ ම දැඩි දෝෂ දර්ශනයට ලක් ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම පීඩිත අවස්ථාවේ දී ඇතැම් ඇෆ්ගන් දරුවන් සහ කාන්තාවන් අපයෝජනයට ලක්වීමේ සිදුවීම් ද වාර්තා වී ඇති බවයි.

ඇෆ්ගනිස්ථානයේ සරණාගතයින් සහ නැවත ගෙන්වා ගැනීමේ අමාත්‍යාංශය, මෙම පාකිස්තානයේ ක්‍රියාවලිය දැඩි ලෙස හෙලා දැක තිබෙනවා.

එම අමාත්‍යාංශයට අනුව, මෙම සංක්‍රමණිකයින් ප්‍රචණ්ඩත්වයට ලක් වන අතර ඔවුන් බලහත්කාරයෙන් ආපසු පැමිණීමේ දී ඔවුන්ගේ දේපළ පාකිස්තානුවන් සිය අණසකට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

පාකිස්තානය සංක්‍රමණිකයින්ට අයුතු ලෙස සැලකීම සහ ජාත්‍යන්තර සංක්‍රමණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනා කර සිටිනවා.

ඇෆ්ගන් සරණාගතයින්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා වහාම නතර කරන ලෙසයි ජාත්‍යන්තර සංවිධාන ඉල්ලා සිටින්නේ.

World News

Send your contact Details Today