Latest News

යුක්‍රේනය සහ අමෙරිකාව අතර විශේෂ ගිවිසුමකට අත්සන් තබයි

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාව සමඟ ඛණිජ නිධි ගිවිසුමකට අත්සන් තබන බව යුක්‍රේනය නිවේදනය කර තිබෙනවා.

මේ අතර අමෙරිකාව පවසන්නේ ඉක්මන් ප්‍රගතියක් නොලැබුණහොත් යුක්‍රේනය සාම සාකච්ඡාවලින් ඉවත් වන බවයි.

ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමක කොටසක් ලෙස යුක්‍රේනයේ ප්‍රතිසංස්කරණ සදහා අරමුදලක් පිහිටුවීමට ඇමෙරිකාව හා යුක්‍රේනය අදහස් කරන බව යුක්‍රේනය රජය පවසනවා.

අප්‍රේල් 26 වන විට මෙම ගණුදෙනුව අවසන් කිරීම අරමුණ බවයි ඔවුන් පවසා ඇත්තේ.

කෙසේ වෙතත් මෙම ගණුදෙනුව ඛණිජවලින් ඔබ්බට යුක්‍රේනයේ බලශක්ති යටිතල පහසුකම් මෙන්ම එහි තෙල් හා ගෑස් පාලනය දක්වා ව්‍යාප්ත කර ඇති බව ඇතැම් වාර්තාවල සඳහන්.

පසුගිය පෙබරවාරීයේ ධවල මන්දිරයේදී යුක්‍රේනය ජනාධිපතිවරයාට, අමෙරිකා ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ බැණ වැදීමත් සමග දෙරට අතර ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා තාවකාලිකව අතහැර තැබුණා.

කෙසේ වෙතත් ඊයේ නයේ දී දෙරට අතර එකගතා ලේඛණයකට අත්සන් තබා තිබෙනවා.

එය යුක්‍රේනයේ ප්‍රතිසංස්කරණය සදහා ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමක් සදහා ආයෝජන අරමුදලක් පිහිටුවීමට මගපාදන ලියවිල්ලක් බවයි යුක්‍රේනය පවසන්නේ.

World News

Send your contact Details Today