Latest News

බංග්ලාදේශ රජයෙන් ජාත්‍යන්තරයට පොරොන්දුවක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බංග්ලාදේශයේ සුළුතර ප්‍රජාවගේ ආරක්ෂාව සහතික කිරීමට රජය කැපවී සිටින බව එරට විදේශ ලේකම් මොහොමඩ් ජාසිම් ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බංග්ලාදේශ අන්තර්වාර රජය ආගම හෝ ජනවාර්ගිකත්වය නොසලකා සෑම පුරවැසියකුගේම ආරක්ෂාව සහතික කිරීමට කැපවී සිටින බවත්, එරට කිසිදු පුරවැසියකුට එරෙහිව ප්‍රචණ්ඩත්වය හෝ බිය ගැන්වීමක් සිදු කිරීමට අවස්ථාව උදා නොකරන බවත් බංග්ලාදේශ විදේශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

පසුගියදා තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ආසියාතික රටවල බිම්ස්ටෙක් සමුළුව අතරතුර බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානි මොහොමඩ් යූනුස් සමඟ පැවැති සාකච්ඡාවකදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එරට හින්දු ප්‍රජාවට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය පිළිබඳ අවධානයට ලක් කර ඇති බවත්, බංග්ලාදේශයේ සුළුතර ප්‍රජාව ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවට අන්තර්වාර රජයේ ප්‍රධානියා සහතික වූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

World News

Send your contact Details Today