මැයි 09 වනදාට යෙදී තිබෙන රුසියාවේ විරුදින රාජ්‍ය උත්සවය සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත නිල ආරාධනයක් සිදුකර තිබෙන බව ඉන්දියාව තහවුරු කරනවා.
ඉන්දීය විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත එම නිල ආරාධනය සිදුකර ඇති බවයි.
එහෙත් අග්‍රාමාත්‍යවරයා එම උත්සවය සඳහා සහභාගී වන්නේ ද යන්න ඉන්දියාව මෙතෙක් තහවුරු කර නැහැ.
ඉන්දීය විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බවයි.
කෙසේවෙතත් මේ සඳහා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ඉන්දියාව නියෝජනය කරනු ඇතැයි වාර්තා වනවා.