ප්‍රංශය විසින් ඇල්ජීරියානු නිලධාරීන් 12 දෙනෙකු නෙරපා හැර තිබෙනවා.
ඒ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුමක් හේතුවෙන්.
දෙරට අතර ආතතීන්ට හේතු වූ ප්‍රංශ නිලධාරීන් නෙරපා හැරීමේ සිද්ධියට ප්‍රතිචාර ලෙසයි මෙම පියවර ගෙන ඇත්තේ.
ඇල්ජීරියාව ප්‍රංශ නිලධාරින් නෙරපා හැරීම නිවේදනය කිරීමෙන් දිනකට පසු ප්‍රංශය මෙය සිදු කිරීම විශේෂත්වයක්.
ප්‍රංශ-ඇල්ජීරියානු ලේඛක බුවාලම් සන්සාල් ඇල්ජීරියාව අත්අඩංගුවට ගැනීමෙන් පසු නොවැම්බර් මාසයේදී දෙරට අතර මතබේදාත්මක තත්ත්වය උච්චතම අවස්ථාවට පැමිණියා.
ඔහුට වසර පහක සිර දඬුවමක් නියම කිරීමටයි කටයුතු කර ඇත්තේ.
දෙරට අතර මත ගැටුම මේ වන විට දේශපාලනික වශයෙන් බලපෑම් රැසක් එල්ල කරනු ඇති විචාරකයන් පවසනවා.