Latest News

අවුරුදු සමයේ අධිවේගී මාර්ග ආදායම රු මිලියන 273ක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙවර අලුත් අවුරුදු සමයේ ගතවූ දින 6 තුළ අධිවේගී මාර්ග පද්ධතියේ වාහන 787,000ක් ගමන්කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවා.

ඒ අනුව, මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් (නඩත්තු හා මෙහෙයුම්) ආර්.ඒ.ඩී. කහටපිටිය මහතා සඳහන් කළේ, ඉන් රුපියල් මිලියන 273ක ආදායමක් උපයාගෙන ඇති බවයි.

ඊයේ එනම් 2025.04.15 දිනයේ පමණක් රුපියල් මිලියන 48ක ආදායමක් ලබා තිබෙනවා

මේ අතර ගම්බිම් බලා ගිය ජනතාවගේ පහසුව සඳහා අද (16) දිනයේ අධිවේගී මාර්ගවල සියලුම කවුළු විවෘතව තබා ඇති බවද ඒ මහතා පැවසුවා.

අධිවේගී මාර්ගවල ගමන් කරන වාහන යම් ආපදාවකට ලක්වූයේ නම් 1969 ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානයට දැනුම්දෙන ලෙසද ආර්.ඒ.ඩී. කහටපිටිය ජනතාවට දැනුම්දෙයි.

World News

Send your contact Details Today