Latest News

ගම්පහ වෙඩිතැබීමේ තවත් තොරතුරු රැසක් හෙළි වෙයි

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගම්පහ පොදු බස් නැවතුම්පොළ අසලදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් ධාවනය වෙමින් තිබූ ලොරි රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබුණා.

එම අවස්ථාවේ ලොරි රථයේ පුද්ගලයන් දෙදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් දෙදෙනාට ඉන් හානියක් සිදුවී නොමැත.

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින අවිශ්ක මල්ලි නැමැත්තාගේ පුංචි අම්මාගේ පුත්‍රයා මෙලෙස වෙඩික්කරුගේ ඉලක්කය වී ඇති බවට පොලීසිය සැක පළ කරනවා

ගණේමුල්ල සංජීව ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට සැකකරන බවත්, ඉලක්ක වූ පුද්ගලයාට කිසිඳු අපරාධ චෝදනාවක් නොමැති බවත් පොලීසිය වැඩිදුරටත් පවසා තිබෙනවා.

World News

Send your contact Details Today