Latest News

මොණරාගලිින්, ලංකාවට ආවෙිණික නව සර්ප විශේෂයක් (PHOTOS)

Published 5 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මොණරාගල දිස්ත්‍රික්කයේ, මොණරාගල නගරයට ඉහලින් වර්ග කිලෝමීටර් 54ක් පුරා පැතිර ඇති මරගල කදුවැටියෙන්, ශ්‍රී ලංකාවට ආවෙිණික නව සර්ප විශේෂයක් සොයා ගැනිමට,මෙරට පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබෙනවා.

රූප විද්‍යාත්මකව වයිරී හාල්දන්ඩාට (Dendrelaphis caudolineolatus ) බොහෝ සමානකම් දක්වන මෙි නව විශේෂය,මෙරට ප්‍රවීන පර්යේෂකයනු වන තසුන් අමරසිංහ මහතාට ගෞරව පිණිස Thasuns Bronzeback ලෙසත්, සත්ව විද්‍යාත්මකව Dendrelaphis thasuni ලෙස නම් කිරිමට මෙම පර්යේෂකයන් පිරිස කටයුතුකර තිබුණා.

මෙම නව හාල්දන්ඩන් විශේෂයේ, නොබෙදුනු ගුද කොරලක් තිබීම හා අනෙකුත් කැපී පෙනෙන ලක්ෂණ නිසා,වයිරී හල්දණ්ඩන්ගෙන් පැහැදිලිව වෙන්කර හදුනාගත හැකි බවත්, මෙම නව විශේෂය ශ්‍රී ලංකාවෙි, ඌව පළාතේ, මොනරාගල දිස්ත්‍රික්කයේ,මරගල කන්දෙන් එකතුකරන ලද,තනි ගැහැණු සතෙකුගේ නිදර්ශකයකින් පමණක්, නම්කර තිබෙන බවත්, මෙම පර්යේෂණ කන්ඩායමෙි සමීර සුරංජන් කරැණාරත්න මහතා පවසනවා.

ඒ මහතා තවදුරටත් පවසන්නේ, රැක්වාසී ජිවන රටාවකට අනුවර්ථනය වී ඇති,මෙම නව සර්ප ( හාල්දණ්ඩන්) විශේෂයේ, ප්‍රමුඛ වර්ණය, ඔවුන් වාසයකරන ගස් අතුවලට සමානවන බවයි.

මෙම නව විශේෂය ඇතුලු සර්ප විශේෂ 08ක්, ශ්‍රී ලංකාවෙි වාසයකරන බවත්,ඉන් මෙම විශේෂය ඇතුලු විශේෂ 06ක් ශ්‍රී ලංකාවට ආවෙිණික බවත්,එම ආවෙිණික විශේෂ සියල්ල වර්ථමානයේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සර්ප විශේෂ බවත්, සමීර සුරංජන් කරැණාරත්න මහතා පවසනවා.

“මරගල කන්ද එහි වාසස්ථාන විෂමතාව නිසා, සහ හිතකර දේශගුණික තත්වයන් නිසා ශ්‍රී ලංකාවෙි ජෛව විවිධත්වය අතින් ඉතා පොහොසත් ප්‍රදේශයක්, වර්තමානයේ උරග විශේෂ 67ක්, මෙම කදුවැටිය ආශ්‍රයෙන් සොයාගෙන තියෙනවා. ඉන් විශේෂ 30ක් මෙරටට ආවෙිණිකයි. ඒ වගේම උභයජීවි විශේෂ 18ක් වාර්තා වෙනවා ඉන් විශේෂ 05ක් මෙරටට ආවෙිනිකයි. ඒ වගේම ලොවෙන්ම මරගල කදුවැටියට පමනක් ආවෙිණික, සත්ව විශේෂ රැසක්ද සොයාගෙන තියෙනවා. නමුත් වර්තමානයේ මෙම කදුවැටිය ආශ්‍රිතව සිදුවෙන මිනිස් ක්‍රියාකාරකම් හා විවිධ සංවර්ධන වැඩසටහන් නිසා මෙි හුදෙකලා වනාන්තරය සීඝ්‍රව විනාශ වෙමින් පවතිනවා.ඒ නිසා මෙම කදුවැටියේ සිටින නේවාසික සත්ව විශේෂ සංරක්ෂණය සදහා විශේෂ වැඩපිලිවෙලක් අවශ්‍යයි.” ලෙසයි සමීර සුරංජන් කරැනාරත්න මහතා පවසන්නේ.

මෙම නව විශේෂය ලෝකයට දායාද කිරිම සදහා සමීර සුරංජන් කරැණාරත්න මහතාට අමතරව,අනූෂ අත්තනගොඩ, මෙරට ප්‍රකට උභයජිවි හා උරග පර්යේෂකයකු වන ආචාර්ය ඇනස්ලම් ද සිල්වා,සිතාර උදයංග,මජින්ත මඩවල,ජර්මානු ජාතික ආචාර්ය Gernot vogel හා ඇමෙරිකානු ජාතික ආචාර්යවරයකු වන L. lee grismer යන පර්යේෂකයන් පිරිස එක්ව තිබෙනවා.

World News