එළඹෙන අලුත් අවුරුද්ද නිමිත්තෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගම්බිම් බලා යන ජනතාව විශාල පිරිසක් කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට පැමිණීමත් සමඟ ඔවුන්ට ගම්බිම් බලා යාමට ඩබල් ඩෙකර් බස් යෙදවීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සතු ඩබල් ඩෙකර් බස් මෙසේ යොදවා තිබුණා.
සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) දිනයේත් විශේෂ මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වනවා.
අද උදෑසනත් ගම්බිම් බලා යෑමට විශාල පිරිසක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ වෙත පැමිණ සිටි ආකාරය දැකගත හකි වුණා.
එමෙන්ම පිටකොටුව බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස් නැවතුම්පොළේ ද මගී ජනතාව විශාල පිරිසක් අද උදෑසනවන විට අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යෑමට ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම වෙනුවෙන් රැඳී සිටි බවයි Radio WESL News වාර්තාකරු පැවසුවේ.
මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුවද සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවා ආරම්භ කර තිබෙනවා.

