Latest News

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් මියන්මාරයේ විශේෂිත මානුෂීය ආධාර හා සහන කටයුතුවල

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් මියන්මාරයේ විශේෂිත මානුෂීය ආධාර හා සහන කටයුතුවල අඛණ්ඩව නිරත වෙමින් සිටිනවා.

මියන්මාරයට බලපෑ භූමි කම්පාව හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්වූ කලාපවල සහන කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද, නාවික සහ ගුවන් හමුදා සාමාජිකයන් එක්ව සිටිනවා.

සහන මෙහෙයුමේ කොටසක් ලෙස ආරම්භ කළ ජංගම වෛද්‍ය සායන කටයුතු ද ආරම්භ වුණා.

අවතැන් වූ පුද්ගලයන් වෙනුවෙන් ස්ථාපිත කළ මධ්‍යස්ථානවල සිටින කාන්තාවන්, ළමුන් හා අවදානමට ලක්විය හැකි පුද්ගලයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබෙනවා.

තුවාලවලට ප්‍රතිකාර කිරීම, ඇතිවිය හැකි ආසාදන කළමනාකරණය කිරීම හා ව්‍යසනයෙන් පීඩාවට පත්වූවන්ගේ සාමාජීය යහ පැවැත්ම සහතික කිරීම ද සිදුවන බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ.

World News

Send your contact Details Today