Latest News

අමෙරිකාවේ දී හෙලිකොප්ටරයක් කඩාවැටී සිදුවුණ බිහිසුණු අනතුර (VIDEO)

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ නිව්යෝර්ක් අගනුවරදී හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ මගීන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සංචාරකයින් 5 දෙනෙකු රැගත් මෙම හෙලිකොප්ටර් යානය නිව්යෝර්ක් නුවර හඩ්සන් ගංගාවට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

එම හෙළිකොප්ටර් යානය හඩ්සන් ගංඟාවට කඩා වැටෙන ආකාරය ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මියගිය 6 දෙනාගෙන් තුන් දෙනෙකු කුඩා දරුවන් බවද සඳහන්.

සංචාරකයින් 5 දෙනා ස්පාඤ්ඤ ජාතිකයින් වන අතර මියගිය අනෙක් පුද්ගලයා හෙළිකොප්ටර් යානයේ නියමුවා වනවා.

කෙසේ වුවද මියගිය අයගේ අනන්‍යතාවය මෙතෙක් හෙළිකර නොමැති අතර අනතුර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි නිව්යෝර්ක් පොලිසිය සඳහන් කරන්නේ.

World News

Send your contact Details Today