Latest News

ඩිජිටල් තිර භාවිතය නිසා ඔබේ දරුවාට භයානක අනතුරක් අත ළඟ

Published 8 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ළදරුවකු උපත ලබා පළමු වසර තුළදී තමන්ව නිතර හඳුන්වන නමට ප්‍රතිචාර නොදක්වන්නේ නම්, එය ‘ඔටිසම්’ රෝගයේ ලක්ෂණයක් විය හැකි බව උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රජා ළමා රෝග විශේෂඥ වෛද්‍ය දිලිනි විපුලගුණ ප්‍රකාශ කරනවා.

එමෙන්ම, දරුවකුට වයස අවුරුදු එකහමාරක් පමණ වන විට යම් යම් දේ සමඟ මවාපාමින් සෙල්ලම් නොකරන්නේ නම්, එය ද ‘ඔටිසම්’ රෝගයේ ලක්ෂණයක් විය හැකි බවයි ඇය සඳහන් කළේ.

තවද, ඩිජිටල් තිර භාවිතය හේතුවෙන් දරුවන්ට ‘ඔටිසම්’ තත්ත්වයට මුහුණ දීමට සිදුවිය හැකි බවත් ඇය අවධාරණය කළා.

වර්තමානයේ ඩිජිටල් තිර භාවිතය නිසා දරුවන්ට ඇස් ආබාධ මෙන්ම මනෝ සමාජීය ගැටලු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බවත්, ඒ නිසා ඩිජිටල් තිර භාවිතය පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් විශේෂඥ වෛද්‍යවරිය දෙමාපියන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටියා.

World News