සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සඳහා සාම්ප්‍රදායික කැවිලි මේසයක් සැකසීමේ පිරිවැය 2025 දී, 2024 වසරට සාපේක්ෂව 7%කින් ඉහළ ගොස් ඇති අතර, එය දැන් 2019 වසරට සාපේක්ෂව දෙගුණයකට වඩා වැඩි මට්ටමක පවතින බව වෙරිටේ රිසර්ච් ආයතනයේ වාර්තාවක් පවසනවා.
මෙම විශ්ලේෂණයට අනුව, 2024 මාර්තු සහ 2025 මාර්තු අතර කාලය තුළ කැවිලි සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල 7%කින් ඉහළ ගොස් ඇති අතර, මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ පොල් සහ පොල් තෙල් මිලවල සැලකිය යුතු ඉහළ යාමයි.
ඒ අනුව පොල් මිල 80%කින් සහ පොල් තෙල් මිල 40%කින් ඉහළ ගොස් තිබෙනවා.
අනෙකුත් බොහෝ අමුද්‍රව්‍යවල මිල ගණන් ස්ථාවර මට්ටමක පැවති අතර, සමහරක් පහළ ගොස් තිබෙන බව ද එම වාර්තාවේ සඳහන්.
2024 දී අමුද්‍රව්‍ය පිරිවැය 2019ට සාපේක්ෂව 2.2 ගුණයකින් ඉහළ ගොස් තිබූ අතර, 2025 වන විට එය 2019 පිරිවැයට සාපේක්ෂව 2.4 ගුණයක මට්ටමකට පත්ව තිබෙනවා.