Latest News

ප්ලාස්ටික් බෝතල්වල ජලය පානය කරන පිරිමින්ට අපලයක්

Published 7 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක් වරක් පමණක් භාවිතා කර ඉවත දමන ප්ලාස්ටික් බෝතල් නැවත නැවත භාවිතා කිරීමෙන් පිරිමින්ට නිසරුභාවයට පත්වීමේ බරපතල අවදානමක් ඇති බව අනාවරණය වී තිබෙනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ තත්ත්ව පාලන අංශයේ ප්‍රධානී වෛද්‍ය මහින්ද වික්‍රමආරච්චි පවසන්නේ, ප්ලාස්ටික් බෝතල් සූර්යාලෝකයට නිරාවරණය වී රත් වූ විට ඒවායේ ඇති විෂ සහිත රසායනික ද්‍රව්‍ය එහි ජලයට මුසු වන බවයි.

මෙම විෂ රසායනික ද්‍රව්‍ය කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හෝමෝනයට සමාන බැවින්, පිරිමි පුද්ගලයෙකු දිගින් දිගටම එක් වරක් පමණක් භාවිතා කර ඉවත දමන ප්ලාස්ටික් බෝතල්වලින් ජලය පානය කිරීමෙන් ඔවුන් කාන්තා ලක්ෂණ පෙන්වන බව වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

එසේම, ගර්භණී මව්වරුන්, කලලය, සහ අලුත උපන් දරුවන්ට මෙම රසායනික ද්‍රව්‍ය අනතුරුදායක වන අතර, පිරිමින්ගේ දරුඵල ලබා ගැනීමේ හැකියාව අඩු කිරීමට ද මෙය බලපාන බව වෛද්‍යවරයා සඳහන් කරනවා.

එබැවින්, ආහාර හෝ පාන වර්ග භාවිතය සඳහා ප්ලාස්ටික් භාජන වෙනුවට වීදුරු, මැටි, හෝ වෙනත් ආරක්ෂිත ද්‍රව්‍ය භාවිතා කිරීමට වග බලා ගන්නා ලෙස වෛද්‍යවරයා උපදෙස් දෙනවා.

ආහාර හෝ පාන වර්ග ගබඩා කිරීමට ප්ලාස්ටික් භාජන තෝරා ගන්නේ නම්, එම භාජනයේ හෝ බෝතලයේ අංක 5 සඳහන් වේද යන්න සෑම විටම පරීක්ෂා කළ යුතු බව ද ඔහු අවධාරණය කරනවා.

World News