ශ්‍රී ලංකාවේ භාවිත කරන ඖෂධවලින් සියයට අසුවක්ම ආනයනය කරන බවත් එම ඖෂධවලින් සියයට අසූපහක් ගෙන්වනු ලබන්නේ ඉන්දියාවෙන් බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරනවා.
ඉතිරි ඖෂධ බංගලාදේශය, පකිස්තානය, ජාපානය හා යුරෝපා රටලින් ගෙන්වන බවයි ඔහු පවසා සිටියේ.
ඖෂධ ගෙන්වීමෙහිදී නියාමනය කරනු ලබන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් බවත් දැනට ඖෂධ සංග්‍රහ තුනක් යටතේ ඖෂධ ගෙන්වීම සිදුකරන බවත් මේ අනුව එක්සත් ජනපදය, ජාපනය හා බ්‍රිතාන්‍ය ඖෂධ සංග්‍රහ යටතේ ඹෟෂධ ගෙන්වන බවත් ඔහු සඳහන් කළා.
ඉන්දියානු ඖෂධ ගෙන්වන නිසා ඉන්දීය ඖෂධ සංග්‍රහය මේ වන විට රජය පිළිගෙන තිබෙන බවත් මීට අදාළ ගිවිසුමක් අත්සන් කර තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
කුමන අවබෝධතා ගිවසුම් අත්සන් කළත් ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව අවසන් තීරණය ගන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය බවත්, මෙය රට පාවා දෙන ගිවිසුමක් බවට ඇතැම් පිරිස් සඳහන් කළත් එය විහිලු කතාවක් වන බවත් ඔහු පවසා සිටියා.
දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කර ගනිමින් ආනයනයට ඉඩ සලසන බව හා ඊට අදාළ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළා.
මෙම ගිවිසුම්වලින් දේශීය නිෂ්පාදකයන්ට කිසිදු ගැටලුවක් ඇති නොවන බවද ඒ මහතා කියා සිටියා.