උතුරු කොරියානු ආරක්ෂකයින් මායිම පසුකර පැමිණි සිද්ධියක් වාර්තා වී තිබෙන බව දකුණු කොරියාවේ සෝල් නගර බලධාරීන් ප්‍රකාශ කරනවා.
ඊට ප්‍රතිචාර ලෙස අනතුරු වෙඩි මුර තැබීමෙන් අනතුරුව උතුරු කොරියානු සොල්දාදුවන් ඉක්මනින් ආපසු පසුබැස ගිය බවත් මෙය යුද්ධයට අතවැනීමක්ද යන සැකය මතුකර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
දකුණු කොරියානු හමුදාව සඳුදා දින වාර්තා කළේ උතුරු හමුදා සාමාජිකයින් රටවල් දෙකේ ආරක්ෂිත මායිම තරණය කළ බවයි.
මේ ගැන දැනගත් වහා දකුණු කොරියාව අනතුරු වෙඩි මුර තැබූ බවට වාර්තා වුණා.
අප්‍රේල් 08 වනදා සවස 5.00ට පමණ උතුරු කොරියානු සොල්දාදුවන් 10 දෙනෙකු පමණ දකුණු මායිම තරණය කිරීම මෙම සිදුවීමට මුල් වුණා.
පසුගිය මාස 10 තුළ මෙවැනි තවත් සිදුවීමක් වර්තා වී ඇති අතර ප්යොංයැං සහ සෝල් අතර ගැටුම් උත්සන්න වීමට මෙම ක්‍රියා හේතුවී තිබෙනවා.
දකුණු කොරියානු ඒකාබද්ධ චීෆ් ඔෆ් ස්ටාෆ් (JCS) රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය වන යොන්හැප් අනුව උතුරු කොරියානු සොල්දාදුවන් මායිම තරණය කළ බව තහවුරු කළා.
අනතුරු ඇඟවීමක් ප්‍රචාරය කිරීමෙන් සහ අනතුරු වෙඩි මුර තැබීමෙන් පසු ඔවුන් උතුරට ආපසු ගිය බවයි වාර්තා වන්නේ.
කිලෝමීටර 248ක් (සැතපුම් 154) දිග, කිලෝමීටර 4ක් (සැතපුම් 2.5) පළල DMZ ලෝකයේ වඩාත්ම අවි ආයුධවලින් සන්නද්ධ මායිමයි.
මායිම තුළ සහ ඒ අවට බිම් බෝම්බ මිලියන දෙකක් පමණ ඇති බව තක්සේරු කර ඇති අතර, එය පාරවල් වැටවල්, ටැංකි උගුල් සහ දෙපසම සටන් භටයින්ගෙන්ද ආරක්ෂිතයි.
උතුරු කොරියානු නායක කිම් ජොං උන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින්ගේ යුක්රේන යුද්ධය අතරතුර ඔහුගේ හමුදා න්‍යෂ්ටික හැකියාවන් සහ රුසියාව සමඟ ඔහුගේ පෙළගැසීම ප්‍රදර්ශනය කරන නිසා කොරියානු රාජ්‍ය දෙක අතර ආතතිය ඉහළ මට්ටමක පවතින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ.