කොංගෝ රාජ්‍යට බලපෑ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කොංගෝ රාජ්‍යයේ කිංශාසා අගනුවරට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ගංවතුර තත්ත්වයක් හටගත්තා.
නඩ්ජිලි ගංගාව පිටාර ගලා ඇති අතර නිවාස හා මහාමාර්ග රැසක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
මරණ රැසකටම හේතුවී ඇත්තේ තාප්ප හා නිවාසයන්හි බිත්ති කඩා වැටීම බව එරට බලධාරීන් සඳහන් කරනවා.
ගංවතුර තත්ත්වය හේතුවෙන් මිලියන 17ට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටින බවද එරට මාධ්‍ය වාර්තා කළා.
මාර්ග විනාශවීමත් සමග ගමනාගමනය අඩාල වී ඇති බව එරට බලධාරීන් පවසනවා.
නගරයේ ඇතැම් ප්‍රදේශයන්ට විදුලි හා ජල සැපයුම් ඇණිහිට ඇති බවයි කිංශාසා ආණ්ඩුකාරවරයා නිවේදනය කරන්නේ.