Latest News

ශ්‍රී ලංකාවේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක්

Published 9 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 6,100 ක වාර්තාගත සුරා බදු ආදායමක් උපයාගෙන තිබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් යූ. එල්. උදය කුමාර පෙරේරා මහතා පවසනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 4,200 ක සුරා බදු ආදායමක් අපේක්ෂා කළ ද එය විශාල ලෙස ඉක්මවා ගොස් රුපියල් කෝටි 6,100 ක ඉහළ බදු ආදායමක් එකතු කරගැනීම ජයග්‍රහණයක් බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

එම විශාල සුරාබදු ආදායම එකතු කර ගැනීම සඳහා වසර මුල සිටම විශේෂ සැලැස්මක් ක්‍රියාවට නැංවූ බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

World News