Latest News

උත්සව සමයේදී නීතිය තවත් තදවෙයි

Published 5 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

උත්සව සමයේ රථවාහන නීති උල්ලංඝණය කරන රියැදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව හා රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසනවා.

නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සඳහා ස්වසන පරීක්ෂණ නල කට්ටල එක් ලක්ෂ පනස් දහසක් දිවයින පුරා පොලිස්ථාන වෙත බෙදාහැර ඇති බවයි.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා කියා සිටියේ අලුත් අවුරුද්ද වෙනුවෙන් රෙදිපිළි සහ භාණ්ඩ මිල දී ගැනීම සඳහා නගරවලට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධරයන් 35,000ක් පමණ රාජකාරිවල යොදවා ඇති බවයි.

බස්නාහිර පළාතේ නගරවල පමණක් අමතර පොලිස් නිලධාරීන් 6,000ක් පමණ ආරක්ෂක රාජකාරිවල යොදවා තිබෙනවා.

මීට අමතරව රථවාහන අනතුරු වැළැක්වීම සඳහා පොලිස් රථවාහන අංශ නිලධාරීන්ද අමතරව යොදවා තිබෙන බවයි සඳහන් වන්නේ.

අලුත් අවුරුද්දට භාණ්ඩ මිල දී ගැනීම සඳහා ජනතාව ගම් දනවුවල සිට නගරවලට පැමිණෙන අවස්ථාවේදී සොර සතුරන්ගෙන් නිවාස ආරක්ෂා කිරීමටද පොලීසිය වැඩපිළිවෙළක් සකස් කර ඇති අතර පොලිස් ස්ථාන මඟින් දිනපතා සිදු කරන ජංගම මුර සංචාර මේ දිනවල වැඩි කර ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සදහන් කළේ.

World News