Jaguar සහ Land Rover මෝටර් රථ අමෙරිකාවට අපනයනය කිරීම මාසයක කාලයක් සඳහා අත්හිටුවීමට ටාටා සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අමෙරිකානු පරිපාලනය විදෙස් රටවලින් ආනයනය කෙරෙන මෝටර් රථ සහ මෝටර් රථ අමතර කොටස්වලට සියයට 25ක බදු පැනවීමට පියවර ගැනීම හේතුවෙන්.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෝලීය පැනවූ තීරුබදු මේ වනවිට ලොව වැඩි අවධානයක් දිනා ඇතා මාතෘකාවක් වනවා.
සිය බදු ප්‍රතිපත්තිය යටතේ විදෙස් රටවලින් ආනයනය කෙරෙන මෝටර් රථ සහ මෝටර් රථ අමතර කොටස්වලට සියයට 25ක් බදු පැනවීමටත් ට්‍රම්ප් පියවර ගත්තා.
එම බදු බලාත්මක වුණේ පසුගිය දෙවැනිදායි.
එවන් පසුබිමක අමෙරිකාව වෙත බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත Jaguar සහ Land Rover මෝටර් රථ අපනයනය කිරීම අත්හිටුවීමට ටාටා සමාගම තීරණය කර තිබෙනවා.
යුරෝපානු සංගමයට පසුව බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කෙරෙන මෝටර් රථවල ප්‍රධාන ඉල්ලුම්කරුවා වන්නේ අමෙරිකාවයි.
ඒ අනුව ට්‍රම්ප් පරිපාලනය මෝටර් රථ ආනයනය සම්බන්ධ බදු පැනවීමෙන් බ්‍රිතාන්‍යයේ මෝටර් රථ නිෂ්පාදනයට එල්ල වන්නේ දැඩි බලපෑමක්.
එම බදු පැනවීමට මුහුණ දීම සම්බන්ධ තීරණයකට එළැඹෙන තෙක් මාසයක කාලයක් සඳහා අමෙරිකාවට ජගුවර්, ලෑන්ඩ් රෝවර් රථ අපනයනය කිරීම අත්හිටුවා ඇති බව වාර්තා වනවා.
බ්‍රිතාන්‍ය මෝටර් රථ නිෂ්පාදනයේ වැඩි වශයෙන් නිෂ්පාදනය කෙරෙන්නේ ජගුවර් ලෑන්ඩ් රෝවර් රථ බව වාර්තා පෙන්වා දෙනවා.
එම සුඛෝපභෝගී මෝටර් රථ සඳහා අමෙරිකානු වෙළෙඳපොළ අත්‍යවශ්‍ය බව එම සමාගමේ මතයයි.
බ්‍රිතාන්‍ය වාර්ෂිකව රේන්ජ් රෝවර් ස්පෝර්ට්ස්, ඩිෆෙන්ඩර් ඇතුළු රථ ලක්ෂ 4කට අධික සංඛ්‍යාවක් අමෙරිකාවට අපනයනය කරනවා.
ඒ අනුව ට්‍රම්ප් පැනවූ බදු බ්‍රිතාන්‍යයේ මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ලකරනු ඇති.