Latest News

ගුවන් ගමන් ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් අවම කරගැනීමට AI තාක්ෂණය යොදා ගැනීමට තීරණයක්

Published 6 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගුවන් ගමන් ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් අවම කරගැනීමට කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය යොදා ගැනීමට Jetstar ගුවන් සේවය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව සිය ගුවන් යානා සියල්ල ඊට අදාළව යාවත්කාලීන කිරීම ආරම්භ කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම ගුවන් සමාගම සඳහන් කළේ.

2017 වසරේ සිට තවත් ගුවන් සේවා කිහිපයක් ද ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් වැළැක්වීමට AI තාක්ෂණය යොදාගනිමින් සිටිනවා.

Jetstar ගුවන් සේවය පසුගිය වසරේදී මෙය මූලික වශයෙන් අත්හදා බැලීම ආරම්භ කළ අතර ඒ අනුව ගුවන් ගමන් අවලංගු කිරීම් 40 කට වැඩි සංඛ්‍යාවක් වළක්වාගෙන තිබුණා.

මෙම වසර අවසානයට පෙර සිය ගුවන් යානා සියල්ලෙහි නඩත්තු කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද Jetstar ගුවන් සේවය සඳහන් කර සිටිනවා.

World News