Latest News

ශ්‍රී ලංකාවේ සිදුවන සමස්ත මරණ සංඛ්‍යාවෙන් 83%ක් සිදුවන හැටි ගැන භයානක අනාවරණයක්

Published 4 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු හැටට වඩා වැඩි ජනතාවගෙන් සියයට තිස් පහකට වැඩි පිරිසකට අධි රුධිර පීඩනය පවතින බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.

මෙම තත්ත්වය පිළිබඳව නිසි ලෙස වැටහීමක් නොමැති හෙයින් වාර්ෂිකව හැටදහසකට ආසන්න ප්‍රමාණයක් ආඝාතයට ගොදුරු වන බව ද සඳහන්.

මේ හේතුවෙන් වාර්ෂිකව හාර දහසකට ආසන්න සංඛ්‍යාවක් මිය යන හෝ පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වන බවත් සෞඛ්‍ය අංශ පවසනවා.

එසේම ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් සියයට විස්සකට දියවැඩියාව පවතින බවත් ඉන් සියයට 41කට නිසි ප්‍රතිකාර නොලබන බවත් වාර්තා වනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සිදුවන සමස්ත මරණ සංඛ්‍යාවෙන් සියයට අසූ තුනක් බෝ නොවන රෝග නිසා සිදුවන බව ද සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.

World News