Latest News

ශ්‍රී ලංකාවේ තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කරයි – හේතුව මෙන්න

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අද (06) දිනයේ සිට අවලංගු කර තිබෙනවා.

ඒ එළඹෙන පළාත් පාලන මැතිවරණයේ රාජකාරි හේතුවෙන්.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය අවසන් වනතෙක් තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරෙන බවයි නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් සඳහන් කළේ.

මේ අතර තැපැල් ඡන්ද පත්‍රිකා හෙට (07) දිනයේ තැපෑලට භාරදෙන බව, මැතිවරණ කොමිසම සඳහන් කරනවා.

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම ලබන 22, 23, 24 දිනවල පැවැත්වීමට නියමිතයි.

World News

Send your contact Details Today