Latest News

Facebook Marketplace හරහා ව්‍යාජ මුදල් ගනුදෙනු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Published 6 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඩොලර් 10,000 කට අධික ව්‍යාජ මුදල් තොගයක් සන්තකයේ තබා සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට වික්ටෝරියා පොලීසියට හැකිවී තිබෙනවා.

Facebook Marketplace හරහා Pokemon කාඩ් සහ ඉලෙක්ට්‍රොනික් උපකරණ මිලදී ගැනීමට ඔහු විසින් එම මුදල් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගියදා ඩොලර් 1,500 ක් වටිනා පෝක්මන් කාඩ්පත් විකුණූ පුද්ගලයෙකු තමන්ට ලැබුණු මුදල් ව්‍යාජ බවට පැමිණිලි කර තිබුණා.

පසුව තවත් ඩොලර් 2,700 ක පෝක්මන් කාඩ්පත් මිලදී ගැනීමට උත්සහ කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගැනීමට වික්ටෝරියා පොලීසියට හැකිවී ඇත්තේ.

Lovedeep Dhillon නමින් පෙනීසිටිමින් මෙම වංචාව සිදුකර ඇති බවද පොලීසිය කියා සිටියා.

මෙම ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් සිටින බවටයි පොලීසිය සැක පළකරන්නේ.

World News