උතුරු ගාසා තීරයේ අවතැන් වූ පවුල් නවාතැන්ගෙන සිටි පාසලකට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පලස්තීනුවන් 27 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මියගිය පිරිස අතර ළමුන් සහ කාන්තාවන් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඒ අනුව පැය 24 කාලය තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 97 දෙනෙකු මියගොස් ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, ඊශ්‍රායලය පවසන්නේ පලස්තීන භූමියේ විශාල ප්‍රදේශ අත්පත් කර ගැනීම සඳහා තවදුරටත් ගොඩබිම් ප්‍රහාරයන් වැඩි කිරීමට කටයුතු කරන බවයි සඳහන් වන්නේ.