Latest News

Volvo කාර් වර්ග කිහිපයක් ගිනි ගැනීමේ අවදානමක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාවේ අලෙවි වූ 195 ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් වාහන රැසක් නැවත කැඳවීමට මෝටර් රථ දැවැන්තයෙකු වන Volvo සමාගම තීරණය කර තිබෙනවා.

ඒ මෝටර් රථයේ ගිනි ගැනීමේ දෝෂයක් පවතින බවට හඳුනා ගැනීමෙන් අනතුරුවයි.

නැවත කැඳවීම සිදුකර ඇත්තේ XC60 සහ XC90 SUVs මෙන්ම S60 sedan සහ V60 wagon මෝටර් රථ සඳහායි.

අධි වෝල්ටීයතා බැටරියක සවිකර ඇති සෙල් මොඩියුලයන්හි දෝෂයක් පවතින බවයි ඔස්ට්‍රේලියාවේ Volvo සමාගම පවසන්නේ.

එමගින් වාහනය ගිනි ගැනීමක් සිදුවනු ඇති බවට ඔවුන් විශ්වාසය පළකරනවා.

බලපෑමට ලක් වූ වාහන වල හිමිකරුවන්ට Volvo අලෙවි නියෝජිතයන් හරහා නොමිලේ අලුත්වැඩියා කටයතු සිදුකරන බවයි ඔස්ට්‍රේලියා Volvo සමාගම අවධාරණය කර සිටියේ.

World News

Send your contact Details Today