Latest News

දකුණු කොරියානු ජනාධිපතිට එරෙහි දෝෂාභියෝගයට අධිකරණය දුන් නියෝගය

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු කොරියා ජනාධිපති යුන් සුක් යෙයොල්ට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය එරට ව්‍යවස්ථා අධිකරණය තහවුරු කර ගෙන තිබෙනවා.

ඒ අනුව යුන් සුක් යෙයොල් නිල වශයෙන් දකුණු කොරියා ජනාධිපති ධුරයෙන් ඉවත් කෙරෙනු ඇති.

පසුගිය වසරේ දෙසැම්බර් 14 වන දින ඔහුට විරුද්ධව එරට පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ධුරයෙන් ඉවත් කෙරුණා.

පසුව එය තහවුරු කිරීමට ව්‍යවස්ථා අධිකරණය හමුවේ නඩුව ගොනුකෙරුණු අතර එහි තීරණයයි මෙලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ.

ව්‍යවස්ථා අධිකරණයේ සියලු විනිසුරුවන් ඒකමතිකව යුන් සුක් යෙයොල් ජනාධිපති ධුරයෙන් ඉවත් කිරිමේ දෝෂාභියෝගය නිවැරදි බව තහවුරු කර තිබෙනවා.

අධිකරණ තීන්දුවට සතුට පළ කරමින් දහස් සංඛ්‍යාත ජනතාවක් සෝල් අගනුවර මහාමාර්ගයන් හි ප්‍රිතී ගෝෂා නගන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඔහුව ධුරයෙන් ඉවත් කිරීමත් සමග ජනාධිපතිවරණය දින 60ක කාලයක් තුළ පැවැත්විය යුතු වනවා.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයාට එරෙහිව කැරැළ්ලක් ඇති කිරිම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර ඊට අදාළ නඩු විභාගයන් ඉදිරියේ දී සිදුකෙරෙනු ඇති.

World News

Send your contact Details Today