Latest News

දකුණේ වෙඩිතැබීම් දෙකක සැකකරුවන් අත්අඩංගුවට

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අම්බලන්ගොඩ සහ අම්බලන්තොට පොලිස් වසම්වලදී සිදුකළ වෙඩිතැබීමේ සිදුවීම් දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ එනම් 2025.04.01 දින එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මාර්තු 14 වන සවස් කාලයේ අම්බලන්ගොඩ පොලිස් වසමේ ඉඩම්තොට ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තිබුණා.

එම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දහවල් කාලයේ අම්බලන්ගොඩ පොලිස් වසමේ ඉඩම්තොට ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මේ අතර මාර්තු 31 වනදා අලුයම් කාලයේ අම්බලන්තොට පොලිස් වසමේ කොග්ගල්ල ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් තිබුණා.

ඒ අනුව මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ දහවල් කාලයේ අම්බලන්තොට පොලිස් වසමේ කොග්ගල්ල ප්‍රදේශයේදී වෙඩිතැබීමට යොදා ගත් මෙරට නිෂ්පාදිත ගිනිඅවිය සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

සැකකරු වයස අවුරුදු 26ක් වන සූරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

World News

Send your contact Details Today