Latest News

ත්‍රිවිල් ගාස්තුව ගැන තීරණයක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්ධන මිල ගණන් අඩු වුවත් ත්‍රිරෝද ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුකිරීමට හැකියාවක් නොමැති බව බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති, ලලිත් ධර්මසේකර මහතා අද දින 2025.04.01 පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ, ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට වඩා විධිමත් නියාමනයක් තුළින් වඩාත් ඵලදායි සේවාවක් මහජනතාවට ලබාදීමට රජය මැදිහත් විය යුතු බවයි.

“පෙට්‍රල් ලීටරයෙන්ම රු 10යි අඩුවෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ලීටරයෙන් කිලෝමීටර් 20ක් වගේ ධාවනය කරන්නේ. එතකොට ශත 5ක් අපි තියාගන්නේ නැතුව රු 10 ම දුන්නත් කිලෝමීටරයකට ශත 50යි අඩු කරන්න පුළුවන්. ඕක ප්‍රායෝගික නෑනේ. මේ වෙද්දිත් ගාස්තු නිර්ණයක් නැතුව හිතූ හිතූ ගණන් අයකරන ත්‍රිරෝද රථ ලංකාව පුරාම තියෙනවා. ඒ නිසා ශත 50ක් රු 10ක් අඩු කරත් උත්තරය ඒක නෙමෙයි. වඩාත් ඵලදායි විශ්වාසවන්ත ත්‍රිරෝද රථ සේවයක් ඇති කිරීම තමා අපේ පළමු අරමුණ. මේ රු 10ක් අඩු කිරීම තුළින් ත්‍රිරෝද රථ ගාස්තුව අඩුකිරීමක් සිද්ධ වෙන්නේ නෑ.”

World News

Send your contact Details Today