කෘත්‍රිම බුද්ධියේ (AI) දියුණුව වෛද්‍ය විද්‍යාව සහ අධ්‍යාපනය වැනි බොහෝ සාම්ප්‍රදායික කාර්යයන්වල මිනිසාගේ භූමිකාව සැළකිව යුතු ලෙස අඩු කරනු ඇතැයි මයික්‍රොසොෆ්ට් සම-නිර්මාතෘ බිල් ගේට්ස් අනාවැකි පළ කර තිබෙනවා.
ඔහුට අනුව මෙම කම්පන සහගත මාරුව වසර 10කටත් අඩු කාලයකින් සිදුවිය හැකියි.
AI තාක්‍ෂණය දැනට විශේෂිත මානව කුසලතා අවශ්‍ය වන කාර්යයන් පහසුවෙන් ඉටු කරන බැවින්, මිනිසුන් තවදුරටත් ‘බොහෝ දේ සඳහා’ අවශ්‍ය නොවන අනාගතයක් පැමිණෙනු ඇති බව NBC හි ‘The Tonight Show’ හි විකට නළුවකු වන ජිමී ෆැලන් සමඟ මෑතකදී කළ සම්මුඛ සාකච්ඡාවකදී බිල් ගේට්ස් සඳහන් කර තිබෙනවා.
අද වන විට, වෛද්‍ය විද්‍යාව සහ අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවල විශේෂඥතාව දුර්ලභ ලෙස පවතින බව පැවසූ ගේට්ස්, එම ක්ෂේත්‍ර ‘ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයකු’ හෝ ‘ශ්‍රේෂ්ඨ ගුරුවරයකු’ මත රඳා පවතින බවයි පවසන්නේ.
නමුත් ඉදිරි දශකය තුළ, ‘ශ්‍රේෂ්ඨ වෛද්‍ය උපදෙස් සහ විශිෂ්ට ඉගැන්වීම’ නිදහස් හා පොදු දෙයක් බවට පත්වනු ඇතැයි ගේට්ස් සඳහන් කරනවා.
සතුට පිළිබඳ පර්යේෂණ සඳහා ප්‍රසිද්ධ හාවඩ් මහාචාර්ය ආතර් බෲක්ස් සමඟ පසුගිය මාසයේ පැවති සංවාදයකදී ‘නිදහස් බුද්ධිය’ ලෙස හඳුන්වන නව යුගයක මෙම දැක්ම ගේට්ස් තවදුරටත් විස්තර කළා.
AI තාක්‍ෂණය දෛනික ජීවිතය වැඩි වැඩියෙන් විනිවිද යන අතර, AI උපදේශකයන් පුළුල් ලෙස ලබා ගත හැකි වීමත් සමඟ සෞඛ්‍ය සේවා සහ රෝග විනිශ්චයේ සිට අධ්‍යාපනය දක්වා ක්ෂේත්‍ර විප්ලවීය ලෙස වෙනස් කරනු ඇති බවට ඔහු අනාවැකි පළ කරනවා.
“එය ඉතා ගැඹුරු සහ ටිකක් බියජනකයි – මන්ද එය ඉතා ඉක්මනින් සිදුවන අතර ඊට සීමාවක් නැහැ,” ගේට්ස් එහිදී බෲක්ස් වෙත පවසා තිබෙනවා.