Latest News

වන්නිලඇත්තන්ට, බ්ලොක් ඇන්ඩ් ඩිනෝ කැකුලන්ගෙන් ප්‍රතිචාර

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ ආදිවාසී ප්‍රජාවේ ප්‍රධානියා වන වන්නිලැත්තන් සිය වීඩියෝවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ගොනුකර ඇති බවට වාර්තා වීමෙන් පසුව, ප්‍රහසන නළු යුගලයක් වන බ්ලොක් ඇන්ඩ් ඩිනෝ ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෑතකදී ජනප්‍රිය වූ මෙම වීඩියෝව ඔස්සේ, ආදිවාසී ප්‍රජාව සමච්චලයට ලක්කළ බවට චෝදනා එල්ල විය. ඊට ප්‍රතිචාර වශයෙන්, බ්ලොක් සහ ඩිනෝ පැහැදිලි කළේ, මෙම වීඩියෝව ආදිවාසී ජනාවාස නොමැති ප්‍රදේශයක් වන දඹුල්ලේ රූගත කර ඇති බවත්, “කිසිදු ද්වේෂයක් අරමුණු නොකළ බවත්, නිසැකවම අගෞරවයක් නොවන බවයි.

තමන් මීට පෙර එම ප්‍රජාව නියෝජනය කරන බව හඳුන්වා දුන් පුද්ගලයකු සමඟ සන්නිවේදනය කර ඇති බවත්, ජනමාධ්‍ය වාර්තා පළවනතුරු ගැටළු එය ගැටළුවක් බව නොදැන සිටි බවත් ඔවුහු වැඩිදුරටත් පවසනවා.

“හාස්‍යය – සියලුම කලාවන් මෙන් – ආත්මීයයි” යැයි එම ප්‍රකාශයේ සඳහන්.

අදාළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්…

World News

Send your contact Details Today