Latest News

රන්සිළු ලක් මව රනින් බබලවයි

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 ආසියානු පැසිෆික් සවි එසවීමේ ශූරතාවලියේ කිලෝග්‍රෑම් 120 බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක සමත් වුණා.

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පැවැත්වෙන මෙම තරගාවලියේ දී ඔහු මෙම දස්කම දැක්වීමට සමත් වුණා.

රන්සිළු ජයතිලක මෙම ශූරතාවලියේ දී රන් පදක්කම දිනාගත් තුන්වන අවස්ථාව මෙයවීම ද විශේෂත්වයක්.

මීට පෙර ලෝක ශූරතා සවි එසවීමේ තරගාවලියේ මෙම ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කර සිටි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා පරාජය කරමින් රන්සිළු ජයතිලක අද මෙම රන් පදක්කම ජයග්‍රහණය කළා.

ඕස්ට්‍රේලියාව, ටොංගා සහ සැමෝවා යන රටවලින් ද ක්‍රිඩකයින් මෙම තරගාවලියට එක්ව සිටිනවා.

World News

Send your contact Details Today