Latest News

පාකිස්තාන ක්‍රීඩකයෙකු උපන් රටට එරෙහි වෙයි

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තානයට එරෙහිව අද (29) පැවැත්වෙන පළමු එක්දින තරගයේදී වාර්තාගත අර්ධ ශතකයක් රැස්කිරීමට නවසීලන්තයේ මුහම්මද් අර්ස්ලාන් අබ්බාස් සමත් වුණා.

සිය මංගල එක්දින තරගයට ක්‍රීඩාකරන අබ්බාස් පන්දු 26කට පමණක් මුහුණදෙමින් ලකුණු 52ක් රැස්කිරීමට සමත් වූ අතර, ඔහු එහිදී සිය අර්ධ ශතකය පන්දු 24ක් තුළ සම්පූර්ණ කළා.

ඒ අනුව 21 හැවිරිදි අබ්බාස්ට සිය මංගල එක්දින තරගයේ දී වේගවත්ම අර්ධ ශතකය රැස්කළ පිතිකරුවාගේ වාර්තාව සිය නමින් ලියාගැනීමට හැකිවුණා.

මීට පෙර මෙම වාර්තාව ඉන්දීය තුන්ඉරියව් ක්‍රීඩක කෘනාල් පාණ්ඩ්‍යා සතුව තිබුණා.

කෘනාල් 2021 වසරේ දී එංගලන්තයට එරෙහිව පන්දු 26කින් අර්ධ ශතකය රැස්කර එම වාර්තාව පිහිටුවා තිබෙනවා.

අබ්බාස් යනු පාකිස්තානයේ ලාහෝර්හිදී උපත ලැබූ අයෙක් වනවා.

ඔහුගේ පියාද පාකිස්තානයේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාකළ අයෙකු වීම විශේෂත්වයක්.

නේපියර්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 50 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 344ක් රැස්කළා.

ඊට පිළිතුරු ලෙස පාකිස්තානයට පන්දුවාර 44.1කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 271ක් පමණයි.

World News

Send your contact Details Today