Latest News

නේපාල ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට සැබෑ වෙනසක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නේපාල ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වයට හිටපු ඔස්ට්‍රෙලියානු පිතිකරුවෙකු වන ස්ටුවර්ට් ලෝ පත් කර තිබෙනවා.

ඒ අනුව ස්ටුවර්ට් ඉදිරි දෙවසරක කාලයක් සඳහා නේපාල කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති.

මීට පෙර නේපාල ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිත්වය දරා තිබුණේ මොන්ටි දේසායි විසින්.

මොන්ටිගේ කොන්ත්‍රාත් ධුර කාලය මෙම වසරේ පෙබරවාරි මාසයෙන් අවසන් වුණා.

ස්ටුවර්ට් ලෝ හට පුහුණුකරුවෙකු ලෙස අත්දැකීම් රාශියක් ඇති අයෙක් ලෙසයි සැලකෙන්නේ.

අමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද මීට පෙර කටයුතු කළේ ස්ටුවර්ට් විසින්.

එමෙන්ම බංග්ලාදේශ, බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම්වල ද ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ද අතිරේක ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස ස්ටුවර්ට් ලෝ කටයුතු කළා.

බංග්ලාදේශ 19 න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරමින් 2012 වර්ෂයේ දී බංග්ලාදේශය ඔවුන්ගේ පළමු ආසියානු කුසලාන අවසන් මහා තරගයට ගෙන යාමට ද ස්ටුවර්ට් ලෝ සමත් වුණා.

World News

Send your contact Details Today