රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් විසින් යුක්‍රේනය සඳහා තාවකාලික පරිපාලන ක්‍රමයක් ඇති කළ යුතු බවට යෝජනා කර තිබෙනවා.
එහිදී නව මැතිවරණයක් පැවැත්වීමට සහ තවත් වැදගත් ප්‍රධාන ගිවිසුම් අත්සන් කිරීමට ඉඩ සැලසිය හැකි බවට රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය යටතේ, ඇමරිකාව හා යුරෝපීය රටවල් සමඟ යුක්රේනයට එම තාවකාලික පරිපාලනය හඳුන්වාදීම ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු බවද රුසියානු ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.