මෑතකදී කළ සමීක්ෂණයකට අනුව දකුණු කොරියාවේ රැකියාවේ නියුතු තරුණ තරුණියන්ගෙන් 5න් 3ක් පමණ විවාහ නොවී සිටීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.
ලොව අඩුම දරු උපත් සිදුවන රට බවට පත්වී ඇති දකුණු කොරියාවේ ජනගහනය වර්ධනය කිරීමේ අරමුණින් එරට රජය හඳුන්වා දුන් විවාහ අපේක්ෂකයන්ගේ පැකේජය ප්‍රමාණවත් නොවන බව ද දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරනවා.
අලුත විවාහ වූවන් සඳහා නිවාස සහනාධාර ඇතුළත්ව සියලු පහසුකම් සහිත පැකේජයක් හඳුන්වා දීමට රජය පියවර ගනු ලැබුවද එම මුදල ප්‍රමාණවත් නොවන බවත්, එරට තරුණ තරුණියන් අතර විවාහයන් සිදුවීම තවදුරටත් පහළ මට්ටමක පවතින් බවයි දකුණු කොරියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
දකුණු කොරියාවේ තරුණ තරුණියන්ට විවාහ යෝජනා සිදු කිරීම සඳහා වෙබ් අඩවියක් හඳුන්වා දීමට පියවර ගත් එරට රජය විවාහ අපේක්ෂකයන් සඳහා අමෙරිකානු ඩොලර් 14,000ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 42ක් පමණ) පැකේජයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබූ අතර, නිවාස සහනාධාර, විවාහ වීමේදී ලබාදෙන නිවාඩු දීර්ඝ කිරීම, විවාහ උත්සවය සඳහා අමතර දීමනා ලබා දීම ඇතුළු දිරි දීමනා රැසක් එම පැකේජයට ඇතුළත් බවයි වාර්තා වන්නේ.
මීට අමතරව විවාහ වන තරුණ තරුණියන් පදිංචි ප්‍රදේශවල පිහිටි දේවස්ථානවලින් සහ ඔවුන් රැකියාවේ නියුතු ආයතනවලින්ද දිරි දීමනා ලබා දීමට පියවර ගෙන තිබෙන බවත් වාර්තා වනවා.