ඊජිප්තු රතු මුහුදේ සබ්මැරීනයක් අනතුරට ලක්වීමෙන් සංචාරකයින් 6 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
කෙසේ නමුත් එම අනතුරෙන් 39 දෙනෙකුම බේරාගැනීමට ගලවාගැනීමේ මෙහෙයුම්හි නිරතව සිටි නිලධාරින්ට හැකි වූ බවයි ඊජිප්තුව තහවුරු කර ඇත්තේ.
ඊජිප්තුවේ හුර්ගාඩා වෙරළට කිලෝමීටරයක් පමණ දුරින් වූ මුහුදේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී එම සබ්මැරීනයේ රුසියානු, නෝර්වේ, ස්වීඩන් සහ ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් රැසක් සිට ඇති අතර මියගිය 6 දෙනාම රුසියානුවන් බවටයි මේ වනවිට හදුනාගෙන ඇත්තේ.