Latest News

අනාගත අඟහරු මෙහෙයුම්වලට බාධාවක් ගැන හෙළිවේ

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අඟහරු ග්‍රහයා මත ඇති විෂ සහිත දූවිලි අනාගතයේ එහි යාමට සූදානමින් සිටින ගගනගාමින්ට බරපතළ අනතුරක් සිදුකළ හැකි බවට විද්‍යාඥයින් මත පළ කරනවා.

නවතම පර්යේෂණවලින් හෙළිකරගෙන ඇත්තේ අඟහරු හෙවත් රතු ග්‍රහලෝකයට මෙහෙයුම් සඳහා අනාගතයේ යාමට සූදානමින් සිටින ගනනගාමීන්ට එහි ඇති දූවිලි අතිශයින් අනතුරුදායක විය හැකි බවයි.

අඟහරු ග්‍රහයාගේ දූවිලිවල අඩංගු සිලිකා,ජිප්සම්, පර්ක්ලෝරේට්ස් සහ නැනෝෆේස් අයන් ඔක්සයිඩ් වැනි ද්‍රව්‍ය ගගනගාමීන්ට බලපෑම් කළ හැකි බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

ඒ ජියෝහෙල්ත් සගරාවේ ප්‍රකාශයට පත්වු අධ්‍යයනයකිනුයි.

මෙම ඉතා සියුම් දූවිලි ගගනගාමින්ගේ පෙනහළුවලට දැඩි අවධානමක් ඇති කරනු ඇති බව එහි දැක්වෙනවා.

අභ්‍යවකාශ පියාසැරිවල දී විකිරණවලට නිරාවරණය වීම හේතුවෙන් ගගනගාමීන් දැනටමත් පෙනහළු ආබාධවලට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today