ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගෙන් සියයට 18කට විශාදය පවතින බවට සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ නව යොවුන් සෞඛ්‍ය පිළිබද ජාතික වැඩසටහන් කළමණාකරු ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ චිරන්තිකා විතාන ප්‍රකාශ කළා.
ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
වයස අවුරුදු 13-14 සහ අවුරුදු 16-17 යන කාණ්ඩ දෙක යටතේ සමීක්ෂණයක් සිදුකළ බවත්, ඉන් අනාවරණය වී ඇත්තේ වයස වැඩිවෙත්ම විශාදය රෝගී තත්ත්වය වැඩි වෙන බවයි.
එමෙන්ම සියදිවි හානිකර ගැනීම, ඒ ගැන සිතීම සහ එය සැලසුම් කිරීම 2016 වඩා වැඩි වී ඇති බවයි වෛද්‍යවරිය සඳහන් කළේ.