හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගතකළ බංග්ලාදේශ හිටපු එක්දින ක්‍රිකට් නායක තමීම් ඉක්බාල් මේ වන විට සුවය ලබමින් සිටින බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා තමන් වෙනුවෙන් ආශිර්වාද කළ සියලු දෙනාට ස්තූතිය පළ කිරීමටද කටයුතු කර තිබුණා.
ඩකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් තමිම් ඉක්බාල් මිට දින 3 කට පෙර
රෝහල් ගත කළ අතර, එහිදී හදිසි සැත්කමකටද ඔහු භාජනය කෙරුණා.
වසර 15කට වැඩි කාලයක් බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා කළ තමිම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන ක්‍රීඩකයෙක්.