Latest News

බවුසර් රථයක් ප්‍රපාතයකට පෙරලී යාමෙන් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට (PHOTOS)

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බදුරලිය – කලවාන මාර්ගයේ කොඩිප්පිලිකන්ද, සමන් දේවාලය ආසන්නයේ දී බවුසර් රථයක් පෙරලී යාමෙන් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

Radio WESL අවාර්තාකරු පැවසුවේ මෙම අනතුර ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ දී සිදු ව ඇති බවයි.

කලවාන දෙස සිට බදුරලිය දක්වා ධාවනය වෙමින් තිබූ රබර් කිරි රැගත් බවුසර් රථයක් අඩි 30ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා.

බවුසර් රථයේ සිටි පුද්ගලයින් තුන් දෙනෙකුගෙන් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා තුවාල ලබා කලවාන රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් මියගොස් ඇත්තේ බුලත්සිංහල ප්‍රදේශයේ රබර් කිරි කර්මාන්ත ශාලාවකට අයත් සේවකයින් දෙදෙනෙකු බවත් ඔවුන් බුලත්සිංහල හා රඹුක්කන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් වාර්තා වනවා.

අධික බෑවුම් සහිත මෙම ප්‍රදේශයේ දී බවුසර් රථය පාලනය කරගත නොහැකි ව ලිස්සා යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි කලවාන පොලිසිය සැක පළ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කලවාන පොලිසිය විමර්ශන ක්‍රියාත්මකයි.

PHOTO COURTESY: Accident First

World News

Send your contact Details Today