Latest News

මගී ගුවන් පාලමක්, රේල් පාරක් මතට කඩා වැටෙයි (PHOTOS)

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එගොඩ උයන දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාලම ඊයේ (26) රාත්‍රියේ කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් මරදාන සිට ගාලු දෙසට ගමන් ගන්නා මාර්ගය අවහිර වි ඇති බවයි පැවසෙන්නේ.

ගාල්ල දෙසට දුම්රිය ධාවනය වී මඳ වේලාවකට පසුවයි මෙම පාලම කඩා වැටී තිබුණේ.

පාලම කඩා වැටීමෙන් මගීන් කිසිවෙකුට හානියක් සිදුව නොමැති අතර, දුම්රිය මාර්ගය මතට සුන්බුන් පතිත වී තිබෙනවා.

දුම්රිය මාර්ගයට පතිත වී ඇති සුන්බුන් ඉවත් කිරීමට දුම්රිය සේවකයින් කඩිනමින් කැඳවීමටයි කටයුතු කර ඇත්තේ.

PHOTO COURTESY: Accident First

World News

Send your contact Details Today