දකුණු කොරියා ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් 18 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දකුණු කොරියා අභ්‍යන්තර හා ආරක්ෂක අමාත්‍යංශයේ නවතම සංඛ්‍යාවලට අනුව එරට ගිනිකොන දෙසින් ලැව්ගිනි ව්‍යාප්ත වෙමින් පවතිනවා.
මේ වනවිට ඉන් 19 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
වැඩබලන ජනාධිපති හැන් ඩක්-සූ පැවසුවේ මෙම ගින්න කොරියා ඉතිහාසයේ දරුණුතම ලැව්ගින්න බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.